
සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය කිසිදු දේශපාලන පක‍්ෂයක් සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධයක් නොමැතිව රටට ඵලදායක, සංවර්ධන නිලධාරීන්ට අභිමානයක් සහිත සංවර්ධන නිලධාරී සේවාවක් හා ආර්ථික සංවර්ධන නිලධාරී සේවාවක් නිර්මාණය කර ගැනීම මූලික ඉලක්කය බවට පත් කර ගෙන ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වල එකතුවකි. එමෙන්ම අප වෘත්තීය සමිති සම්මේලනය සංවර්ධන නිලධාරීන්ටත් ආර්ථික සංවර්ධන නිලධාරීන්ටත් එදිනෙදා පැන නගින සියළුම වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාඨ පක්ෂ භේදයකින් තොරව කාර්යක‍්ෂම හා ඵලදායක සේවාවක් සපයමින් සිටී. සංවර්ධන නිලධාරියෙක් ලෙස ඔබේ අරමුණු හා ඉලක්ක ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අප සම්මේලනය වටා අත්වැල් බැද ගන්නා මෙන් සියලු සහෝදර නිලධාරීන් වෙත දැඩි සහෝදරත්වයෙන් යුක්තව ආරාධනා කර සිටිමු.
නීතිඥ අනුරාධ සෙනවිරත්න

දැක්ම
අභිමානවත් හා ඵලදායක සංවර්ධන නිලධාරී සේවාවක් හා ආර්ථික සංවර්ධන නිලධාරී සේවාවක්
සංවර්ධන නිලධාරී සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සඳහා ප්‍රශස්ත මට්ටමේ තිරසර විසඳුම් ලබා ගැනීමට ඒකාබද්ධව හා එකමුතුව කටයුතු කිරීම

මෙහෙවර

පරමාර්ථයන්
- රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අයත් සාමාජිකයින් 500ට වැඩි කම්කරු දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි සංවර්ධන නිලධාරින් උදෙසා ක්‍රියාත්මක ඕනෑම වෘත්තීය සමිතියක් මෙම සමිතිය යටතේ මැනවින් සංවිධානය කිරීම.
- ඒ සාමාජිකයින්ගේ ලාභ ප්‍රයෝජන,අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳ පරික්ෂාවෙන් සිටීම, ඒවා දියුණු කිරිම හා ආරක්ෂා කිරීම.
- සාමාජිකයින්ගේ ආර්ථික තත්වය නගා සිටුවීම.
- සාමාජිකයින්ට පහත සඳහන් ප්‍රයෝජනයන්ගෙන් එකක් හෝ සියල්ල සලසාදීම.
- වෘත්තිය අරගල වලදි සහ ඔවුන්ට එල්ල වන පළිගැනීම් ක්‍රියාවන්හි දී සහනය සහ ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් වෙනත් එබඳු ආධාරෝපකාර හෝ
- ඔවුන්ගේ රැකියාවන් සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවන්හිදි නීති ආධාර, නීති උපදේශ
- සමිතිය හා වෙනත් සමිති ද, සමිතියේ සාමාජිකයින් හා ඔවුන්ගේ සේවකයා අතර ද සමිතියේ එක් එක් සාමාජිකයා අනෙක් සාමාජිකයින් අතරද සම්බන්ධය විධිමත් කිරීම
- වෘත්තීය ආරවුල් වල දී සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටීම.

නීතිඥ අනුරාධ සෙනවිරත්න
සභාපති
සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය

වසන්ත ලංකාතිලක
ප්‍රධාන ලේකම්
සංවර්ධන නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය
සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය

මහේෂ් ගුණසේකර,
සභාපති
සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය.

එම්.එල්.එන්.මනෝජා දිල්රුක්ෂි
විශේෂ ව්‍යාපෘති ලේකම්
සමස්ථ ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

එච්.ඒ. සිදත් රත්නායක
ජාතික විධායක සභික
සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

එන්.එම් කුමාරසිංහ
සංවිධායක ලේකම්
සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය

ප්‍රියන්ත අමරසේකර
භාණ්ඩාගාරික
සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

අරුණ මංජුල
මාධ්‍ය ලේකම්
සමස්ථ ලංකා ආර්ථික සංවර්ධන නිළධාරි සංගමය

එච් .කේ. ඩි දුලින්ද
ජාතික සංවිධායක
සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය

ආර්.එල්.ඩී.එල්.ඩබ්ලිව්. රණතුංග
වෘත්තිය ගැටලු පිලිබද ලේකමි
සමක්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය