සංවර්ධන නිලධාරීන්ට සුභාරංචියක්!

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාව තුල සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ මූල්‍ය හා සුභසාධන අවශ්‍යතා වෙනුවෙන් සකසුරුවම් හා ණය සමුපකාර සමිතියක් ස්ථාපනය කිරීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත. මෙහි සමාරම්භක වැඩසටහන අද(ඔක්තෝබර් 20) දින කොළඹදී පවත්වනු ලැබීය. සංවර්ධන නිලධාරී ඔබට මෙම සමුපාකාර සමිතිය සමඟ සම්බන්ද වීමේ අවස්ථානව කඩිනමින් උදා කෙරෙනු ඇත. මෙය සී/ස සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සකසුරුවම් හා ණය දෙන සමුපාකාර සමිතිය ලෙස නම් කර ඇත.