විශේෂ දැනුම්දීමයි! – සියලුම සංවර්ධන නිලධාරීන් වෙතයි!
2026 කෘෂි සංගණන කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත්වීමේ තීරණය!
හිතවත් සාමාජික සාමාජිකාවනි,
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 කෘෂිකර්ම සංගණනය සඳහා නිකුත් කර ඇති අංක 2026/1 දරන චක්රලේඛය මඟින් යෝජනා කර ඇති දීමනා ප්රමාණයන් වර්තමාන අධික ජීවන වියදම, ඉන්ධන පිරිවැය සහ දැඩි ශ්රමය හමුවේ කිසිසේත්ම පිළිගත නොහැකි බව අප මීට පෙර (2026.09.01 දින) බලධාරීන්ට දැඩිව දන්වා සිටියෙමු.
එහෙත්, අපගේ සාධාරණ ඉල්ලීම් කිසිවකට මෙතෙක් කිසිදු නිසි ප්රතිචාරයක් ලබා දීමට බලධාරීන් කටයුතු කර නැත.
ඒ අනුව, 2026 සැප්තැම්බර් 17 වන දින පැවති සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික විධායක සභාවේ තීරණයට අනුව, සංවර්ධන නිලධාරීන් වන අපි 2026 කෘෂි සංගණන කටයුතුවලින් අද සිට සම්පූර්ණයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇත්තෙමු!
⚠️ විශේෂයි:
සමහර දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම්වරුන් මෙම සංගණනය අනිවාර්ය කරමින් විවිධ බලපෑම් කිරීමට උත්සාහ කළද, අපේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ඒ කිසිදු නීතිවිරෝධී බලපෑමකට යටත් නොවී, වෘත්තීය සමිති අයිතිවාසිකම් පෙරදැරිව මෙම සටන ජයග්රහණය කරා ගෙන යාමට එකමුතු වන ලෙස සියලුම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු!
✊ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් – අපේ එකමුතුකමෙන් මෙම සටන ජය ගනිමු!
සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය




